සතොස සේවකයෝ සාක්කි දීමට උසාවියේ

By Admin Feb 16, 2016 12:15 PM Sri Lanka


මිනිස් පරිභෝජනයට  නුසුසුදු අන්දමින් කෘමින් සහිත සහල් කිලෝ එක් ලක්ෂ හතලිස් දහසක් ගබඩා කර තබා ගෙන බෙදා හැරීමේ සිද්ධියක්  සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අනුරාධපුර අතිරේක මහේස්තරත් වරිය නදීකා  පියරත්න මහත්මිය සතොස සභාපති සහ  අධ්‍යක්ෂ මණ්ඩලයට උසාවියේ පෙනී සිටින ලෙස   සිතාසි නිකුක් කළාය
මෙම සිද්ධියට අදාල නඩුව අනුරාධපුර අතිරේක මහේස්ත‍රාත් අධිකරණය හමුවේ යළි කැදවු අවස්ථාවේ සතොස ආයතනය වෙනුවෙන් එහි නියෝජිතයකු පමණක් අධිකරණය හමුවේ පෙනී සිටි හෙයින්   මහේස්ත‍රාත්වරිය මෙසේ සඳහන් කළේ සතොස ආයතනය වෙනුවෙන් එම එක සේවක  නියෝජිතයාගේ පෙනී සිටීම පමණක් අධිකරණයට ප‍රමාණවත් නොවන බවයි  එබැවින්  මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණූ දැක්වීමට සතොස ආයතනයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට නිගමනය කළ මහේස්ත‍රාත්වරිය ඔවුනට  අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින්සිතාසි නිකුත් කරණූ ලැබිය.
අනුරාධපුර නගරයේ හරිශ්චන්දර මාවතේ  සතොස ගබඩාවේ කළමනාකාරිය වන දිනූෂි දසනායක සහ අනුරාධපුර නව බස් නැවතුම්පළ සතොස ආයතනයේ කළමණාකාරවරිය වන ඉෂාරා මහනාමට ලබන මාර්තු 23 වැනි දා  අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට මෙසේ   නියෝග කරණු ලැබිණි. 
මහජන පරිභෝජනයට නුසුදුසු සහල් වල සාම්පලද  රජයේ රස පරික්ෂවරයා වෙත යවා එහි වාර්තාව ඉදිරිපත් කරන ලෙස ද  අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට මෙයට කළින්   නියෝග කර තිබිණි.

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos