නිශාන්ත රණතුංග තනිවෙයි

By Admin Mar 14, 2016 23:01 PM Sri Lanka


අත්අඩංගුවට ගෙන මුදල් විශුද්ධිකරණ පනතේ හා පොදු දේපල පනතේ නීති ප්‍රතිපාදන අනුව චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනා රිමාන්ඩ් බාරයට පත් කරමින් කඩුවෙල මහේස්ත්‍රාත් කළ නියෝගය ප්‍රතිශෝධනය කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ආර්.ඒ.හෙයියන්තුඩුව මහතා කොළඹ මහාධිකරණයේ දී අද දින  (14) ඇප නියම කර ඇති බව  වාර්තා වුවත්  දැන්  වාර්තා වෙන්නේ එසේ ඇප නියම කර ඇත්තේ යෝෂිත සමග  4දෙනෙකුට පමණක් බවත් ය.
නිශාන්ත රණතුංග මහතා CSN නාලිකාවේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂව  සිටියත් ඔහුට ඇප හිමිව නැති අතර යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස වෙනුවෙන් ගොනු කළ ඇප අයදුම් පතට නිශාන්ත රණතුංග මහතා ඇතුළත් කර නොතිබීම නිසා මෙසේ ඔහුට ඇප ලබා දී නැත.
මෙය අත්වැරැද්දක් නොවන බවත් හිතා මතාම සිදු කර ඇති බව  දැන  ගන්නට ඇතයි පැවසේ 
එසේ වී ඇත්තේ මොවුන් එකිනෙකා අතර ඇති වූ විරසක භාවයක් මත මෙසේ නිශාන්ත රණතුංග මහතාගේ නම ඇප අයදුම්පතට ඇතුළත් නොකිරීමට වලබලාගෙන ඇති බව ය. එහෙත්  නීශාන්ත රණතුංග මහතා ගේ  විසින් නීතීඥයන් තවත්  ඇප අයදුම්පත් ඉදිරිපත් කර ඇත.

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos