දංකොටුවහි මරා දමා තිබු සිරුර භාර ගැනීමට බිරිඳ බැහැ කියයි

By Admin Mar 15, 2016 12:03 PM Sri Lanka


පසු ගිය දහ වෙනිද කප්පම් සිද්ධියක්‌ මත දංකොටුව ඉරබඩගම කොස්‌හින්න ජනශූන්‍ය ප්‍රදේශයේදී වෑන් රථයක්‌ තුළ මරා  පුළුස්‌සා තිබු   "නේවි කපිල" නමැත්තාගේ සිරුර භාර ගැනීමට ඔහුගේ බිරිඳ වන මාකඳුර ගෝනවිල පදිංචි කොඩිතුවක්‌කු ආරච්චිගේ කාංචනී ඉසුරු ප්‍රියංගනී  නමැත්තිය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. 
ඇය දංකොටුව පොලිසියට කට උත්තරයක්‌ ලබාදෙමින් සැමියාගේ සිරුර භාර ගැනීම ප්‍රතික්‍ෂේප කර තිබේ. එසේම පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී "නේවි කපිල" නමැත්තාගේ සිරුර ලෙස හඳුනා ගෙන ඇති ඒ  ඇයි  දැන් ඇයගෙන්  විමසුවා විට පවසා ඇත්තේ  සිය දරුවන් තිදෙනා පියා ජීවතුන් අතර සිටින බවට විශ්වාස කරන අතර එම හේතුව මත සැමියාගේ සීල් තැබූ දේහය නිවසට ගෙන යැමට නොහැකි බවයි.

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos