තවත් දියණියක් මවක් හිර කරයි

By admin Feb 16, 2016 08:17 AM Sri Lanka

කන්ද උඩ රට මැද මහනුවර උඩතැන්න ප්‍රදේශයේ ඉතාමත්  අනාරක්ෂිත ලෙස සිර කර සිටි වයස අවුරුදු 87 ක් වු  මවක් උඩුදුම්බර පොලිසියට ලැබුණු තොරතුරක් මත   ඊයේ පෙබරවාරි 15 දින සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසිය
වයස 51 ක් වයසැති ඇයගේ එකම දියණිය විසින් තමන් ඉදිකරමින් පවතින මහල් නිවාසයේ බිම් මහලේ ඉටි කොළ වලින් ආවරණය කළ අනාරක්ෂිත කූඩුවක් වැනි කොටසක එම මව සිර කර සිටි බව පොලිසිය පැවසයි
උඩුදුම්බර පොලිසිය එහි යන විටත් මේ  මවගේ ඇඟෙහි කිසිදු ඇඳුමක් නොතිබු බවත් රෙදි කැබැල්ලකින් පමණක් වසා සිටි බවත් උඩුදුම්බර පොලිසියේ නිලධාරී මහතුන් පවසා ඇත 
පසුව මේ මව ප්‍රතිකාර සඳහා මැද මහනුවර රෝහලට ඇතුළත් කර ඇත පොලිසිය මගින් කළ මුලික පරික්ෂණ වලදි තහවුරු වි ඇත්තේ මවට කිසිදු සත්කාරයක් නොකර ආහාර පවා දින ගණනකින් ලබා දී නැති  බවත්ය 
 එයට  අමතරව මේ මහලු  මව කුෂ්ට රෝගයකින්ද පෙළෙමින් සිට ඇති බවත් පොලිසිය පවසයි පසුව  ඇයගේ එකම දුව බව පවසන තැන්ත්තියව උඩුදුම්බර පොලිසිය මගින් අත් අඩංගුවට ගත් අතර 16 වෙනි  අද  දින තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

 

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos