අගමැතිගේ ප්‍රකාශයක් නිසා දෙරණ සංඛගේ වැඩ තහනම්

By admin Feb 14, 2016 10:22 AM Sri Lanka

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඊයේ දිනයේ බදුල්ලේ සිට කරන ලද විශේෂ ප‍්‍රකාශයේදී දෙරණ රුපවාහිනියේ නම සඳහන් කරමින් දැඩි ලෙස දෝෂාරෝපනය කලේය. පසුගිය නිදහස් දින පැවති සැදෑ උත්සවයේදී ගායිකාවක්




විසින් ‘දන්නෝ බුදුන්ගේ’ ගීතය විකෘති කර ගැවීම සම්බන්ධයෙන් දෙරණ නාළිකාවේ සංඛ අමරජිත් විසින් ‘කෑගහන බැලලියට ගඩොල් බාගයකින් ගහන්න’ කියූ කතාවට අගමැතිවරයා කියා සිටියේ ‘බල්ලන්ට බලූ වැඩ කරන්න අපි ඉඩදෙන්නෙ නෑ’ යනුවෙනි.

රාජපක්‍ෂ යුගයේ සට්ටැඹියන් තවම සිටින බවද කී අගමැතිවරයා රූපවාහිනී නාලිකාවල විකාශන බලපත‍්‍ර ලබා දෙන්නේ රජය බවත් එකී සිදුවීම සම්බන්ධයෙන් දෙරණ ප්‍රධානීන් කැඳවා කරුණු විමසන බවත් කියා සිටියේය.

මාධ්‍ය හමුව අවසානයේ අගමැතිවරයා විසින් දෙරණ නාලිකාව වෙනුවෙන් සහභාගී වූ වාර්තාකරු කැඳවා පෙර කී සිදුවීම සම්බන්ධයෙන් ගෙන ඇති ක‍්‍රියාමාර්ග විමසා ඇත. දෙරණ නාලිකාව ඒ සම්බන්ධයෙන් පසුදා කණගාටුව ප‍්‍රකාශ කල බව වාර්තා කරු සඳහන් කර ඇති අතර අගමැති වික‍්‍රමසිංහ මහතා ඔහුට දන්වා ඇත්තේ දෙරණ නාලිකාවේ විකාශන බලපත‍්‍ර රැකෙන ලෙස වහා කටයුතු කරන ලෙසයි.

මේ අතර මෙම සිදුවීමෙන් පසු ඊයේ පස්වරුවේ සිට මාධ්‍යවේදී සංඛ අමරජිත් මහතාගේ සේවය දෙරණ නාලිකාව විසින් අත්හිටුවා තිබේ. පසුගිය වසර කිහිපයක් තිස්සේම පැවති සම්මාන උලෙලවල්හිදී විශිෂ්ඨතම ප‍්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සම්මානය දිනා ගන්නා ලද්දේ දෙරණ නාලිකාව විසිනි








.

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos