බ‍්‍රැඩ්බි පළිහ රග්බි තරග සමවේ

By Admin May 15, 2016 07:29 AM Sports


 
කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර 72 වැනි වරටත් පවත් වූ ‘බ‍්‍රැඩ්බි පළිහ’ වාර්ෂික රග්බි තරග අදියර  දෙකේ  මුළු  ලකුණු 35-35 ක් ලෙස සමව අවසන් විය.මෙයට  පෙර 1992 වසරේ තරගයේ පළමු අදියර 3-3 ක් ලෙස ද, දෙවැනි අදියර 0-0 ක් ලෙස ද, සම වීමෙන් සමස්ත තරගය සමව අවසන් වී තිබේ.  
මහනුවර පල්ලෙකැළේ ත‍්‍රිත්ව විදුහල් රග්බි පිටියේදී ඊයේ (14) පැවැති දෙවැනි අදියර තරගයෙන් ත‍්‍රිත්ව විදුහල ලකුණු 18-13 ක් ලෙස ජය ලැබුව ද කොළඹදී පැවැති පළමු අදියර තරගයෙන් රාජකීය විදුහල ලකුණු 22-17 කින් ජය ලබා සිටීමෙන් සමස්ත තරගය සම විය.
මෙම අවස්ථාවේදී ත‍්‍රිත්ව විදුහල ලකුණු 35-32 ක් ලෙස පෙරමුණේ පසු වූ අතර මෙවර තරගාවලිය පුරාම රාජකීය විදුහලේ ජයග‍්‍රහණවලට මූලිකයා වූ ෆූල් බැක් ක‍්‍රීඩක ඔවින් ඇස්කි සම්පූර්ණ කළ අනගි දඩුවම් පහරත් සමගින් ලකුණු 35-35 ක් ලෙස සම වෙමින් තරගය අවසන් විය.
අද පැවැති දෙවැනි අදියර ජයග‍්‍රහණය කළ ත‍්‍රිත්ව විදුහල ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු රැස්කළ අතර රාජකීය විදුහල ගෝලයකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු ලැබීය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට රාජකීය විදුහල ලකුණු 10-5 ක් ලෙස පෙරමුණේ රැදී සිටියදී දෙවැනි අර්ධයේ 6 වැනි සහ 18 වැනි මිනිත්තුවලදී       ශනුෂ්ක අබේසිංහ විශිෂ්ට ලෙස සාර්ථක කළ දඩුවම් පහර දෙක සමගින් ත‍්‍රිත්ව විදුහල ලකුණු 11-10 ක් ලෙස පෙරමුණට පැමිණියේය.

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos